රට තුළ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කොතෙකුත් කතා කළත්, ගොවිතැනට ජලය ඉල්ලන මිනිසුන් පහරදී සිරගත කරන තත්ත්වයක් මේ වනවිට දක්නට ලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ තංගල්ල – කාල්ටන් නිවසේ අද පැවති ආගමික වතාවත්වලට එක්වීමෙන් පසු මාධ්‍යය වෙත අදහස් දක්වමින්.
