Gossips

ගොවීන්ගේ මඤ්ඤොක්කා කිලෝග්‍රෑම් ලක්ෂයක් රජය මිලදී ගනී

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට අලෙවි කරගැනීමට නොහැකිව තිබූ මඤ්ඤොක්කා කිලෝග්‍රෑම් ලක්ෂයක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා හදබිම අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් මතයි.
නිසි මිලක් නොමැතිවීම හේතුවෙන් මඤ්ඤොක්කා අලෙවි කරගැනීමට නොහැකිවීමේ දුෂ්කරතාව පිළිබඳ ගොවීන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලබන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින්.