Gossips

ගොරකඇළ ද්ව්ත්ව ඝාතනය ගැන වැඩිදුර විමර්ශන

රත්නපුර – පානදුර මාර්ගයේ ගොරකඇළ ප්‍රදේශයේ තෙප්පනාව අතුරු මාර්ගයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මොවුන් තෙප්පනාව මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඊයේ (09) රාත්‍රියේ කිසියම් පිරිසක් පැමිණ තියුණු ආයුධලින් පහරදී ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 34 සහ 35 යන වයස්වල පසුවන දොඩම්පේ ප්‍රදේශයේ පදිංචි පතල් කම්කරුවන් දෙදෙනෙක්.
මීට අමතරව මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලැබූ අතර, ඔහු මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
එසේම පිළියන්දල – මාවිත්තර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙළ කපා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අත්තිඩිය ප්‍රදේශයේදී ඊයේ මෙම සැකකරු පිළියන්දල පොලීසිය අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු ඝාතන සිද්ධීන් සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.