Gossips

ගොඩබිම සහ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 50 ත් 60 ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් වැසි අපේක්ෂා කරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මේ අතර පුත්තලම සිට මීගමුව, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගයද පැයට කිලෝමීටර 60 සිට 65 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවද ඔවුන් පවසනවා.