කුරුණෑගල බස් නැවතුම්පොළේ තෙමහල් ගොඩනැගිල්ලකින් බිමට පැන කාන්තාවක් සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසනවා.
අද (08) උදෑසන සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක්.
ඇය කාලයක සිට මානසික අබාධයකින් පෙලූණු කාන්තාවක් බවයි ඇයගේ පවුලේ ඥාතීන් පොලිසියට පවසා ඇත්තේ
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
