Gossips

ගොඩගැසුණු ලිපි බෙදීමට දින දෙකක්

තැපැල් සේවකයින් දියත් කළ වර්ජනය හේතුවෙන් ගොඩගැසී ඇති ලිපි සහ භාණ්ඩ දෙදිනක් තුළ බෙදා අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ප්‍රකාශ කළා.
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ කටුනායක ගුවන්තොටුපලේ ගොඩගැසී ඇති විදෙස් ලිපි හා භාණ්ඩ බෙදා හැරීම සඳහා හෙට (28) දිනයේදී විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.
තැපැල් දෙපාර්තමේන්තුව සඳහාම වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින 16 ක් පුරා ක්‍රියාත්මක කළ වර්ජනය ඊයේ පස්වරුවේ තාවකාලිකව අත්හිටුවීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කළේ වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමේ සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
වර්ජනය අවසන් කළ ද, ගැටලූවලට අවසන් විසඳුමක් ලැබෙනතුරු අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර වැඩිදුරටත් කියා සිටියා.