Gossips

ගොඩගමදී හයිලෙවල් පාරට දැවැන්ත ගසක් කඩාවැටෙයි

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ කොළඹ ප්‍රදේශය කිහිපයකට දැඩි සුළඟින් බලපෑම් එල්ලවී තිබෙනවා.
දැඩි සුළඟත් සමඟ 120 බස් මාර්ගයේ පාමංකඩ ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩාවැටීමෙන් රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර හෝමාගම ගොඩගම මංසන්ධියේදී ද හයිලෙවල් මාර්ගයට ගසක් කඩා වැටී තිබුනා.
එම අවස්ථාවේ දර්ශන පහතින්.

මේ අතර දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිළි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යාමේ හැකියාව ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක් දක්වා තරමක් තද සුළං බලාපොරොත්තුවන බවයි ඔවුන් සඳහන් කළේ.