Gossips

ගේල්, දියණියගේ උපන් දිනය IPL පිටියේදී සමරයි

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ 16 වන තරඟය ලෙස ඊයේ (19) පැවති තරඟය තියුණු තරඟයකින් අනතුරුව ජය ගන්නට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුනේ සන්රයිසස් හය්යිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 15කින් පරාජය කරමින්.
ඊයේ තරඟයේදී කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වුනේ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල්.
පන්දු 63ක් තුල දැවැන්ත හයේ පහර 11ක් සහ එක් හතරේ පහරක් සමඟින් ගේල් නොදැවී රැස් කළ ලකුණු 104 පිළිබඳව ලොවපුරා සිටින ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර මේ වන විට කතාබහට ලක්ව තිබෙනවා.
ගේල් ඊයේ රැස්කළ ලකුණු 104 මෙවර අයි.පි.එල්. තරඟවලියේ වාර්තාවූ පළමු ශතකය ද වනවා.
මේ අතර තරඟයෙන් අනතුරුව පන්ජාබ් කණ්ඩායම රැඳී සිටි හෝටලය තුල සුවිශේෂී සිදුවීමක් සිදුවුණා.
පන්ජාබ් ක්‍රීඩකයින් හෝටලයට පැමිණිමෙන් අනතුරුව හෝටල් සේවකයින් විසින් සැකසූ විශේෂිත වූ කේක් ගෙඩියක් ක්‍රිස් ගේල් වෙත පිළිගන්වනවා.
ඒ ගේල්ගේ දියණියගේ උපන් දිනය වෙනුවෙන්.
ක්‍රිස් ගේල් විසින් එම කේක් ගෙඩිය කපන්නේ අනෙකුත් පන්ජාබ් ක්‍රීඩකයින්ගේ ඔල්වරසන් මැද්දේයි.
කිස් ගේල්ගේ දියණිය වන Chris Allyna Gayle සිය දෙවන උපන් දිනය ඊයේ සමරණු ලැබුවා.
එම අවස්ථාව පහතින්.
rnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrnrn