Gossips

ගේල්ගේ ලෝක වාර්තාවට තේරීම් කමිටුව හරස් වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත්වීමට බරහිර ඉන්දීය කොදෙව් පිතිකරු ක්‍රිස්ගේල්ට මේ වන විට අවස්ථාව උදාවී තිබෙනවා.
ඒ තවත් එක් හයේ පහරක් එල්ල කරමින් මේ වන එම ස්ථානය හිමිකරගෙන සිටින පකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි පසුකර යමින්.
මේ වන විට අෆ්රිඩිගේ වාර්තාව සමකර සිටින ගේල් ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟ 443කදී එල්ලකර ඇති හයේ පහර සංඛ්‍යාව 476ක්.
අෆ්රිඩි තරඟ 524කදී හයේ පහර 476ක් එල්ලකර තිබෙනවා.
කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර නිමාවූ එක්දින තරඟාවලියේදී ක්‍රිස් ගේල් මෙම වාර්තාව සම කිරීමට සමත් වුණා.
කෙසේ වෙතත් බංග්ලාදේශ සහ බටහිර කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේදී ගේල්ට මෙම වාර්තාව පිහිටුවීමට අවස්ථාවක් හිමි නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ එම තරඟාවලිය තුලදී ගේල් විවේක ගැන්වීමට එරට තේරීම් කමිටුව තීරණය කිරීම හේතුවෙන්.