Gossips

ගේල්ගේ පිත්ත IPL තරඟ ඉතිහාසය අලුතින් ලියයි

ඉන්දිය ප්‍රිමියර් ලීග් තරඟ ඉතිහාසයේ හයේ පහර තුන් සීයයේ සීමාව පසු කිරීමට කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් සමත්ව තිබෙනවා.
ඒ, කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේදී හයේ පහර හතරක් එල්ල කරමින්.
ක්‍රිස්ගේල්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟ ඉතිහාසයේ මේ වනවිට එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 302 ක්.
හයේ පහර 192 ක් එල්ල කර තිබෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඒ.බී. ඩිවිලියර්ස් එහි දෙවන ස්ථානයේ පසුවනවා.