Gossips

ගේල්ගෙන් රාජස්ථානයට දැවැන්ත ප්‍රහාරයක් – රාජස්ථානය පැරදූ පන්ජාබයට සුපිරි ජයක්

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ තවත් තරඟයක් ජායිපූර් හිදී ඊයේ පැවැත්වුණා.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවති මෙම තරඟය ජයගන්නට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණේ ලකුණු 14කින්.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04ක් දැවී ලකුණු 184ක ශක්තිමත් ලකුණු පුවරුවක් ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ක්‍රිස් ගේල්ගේ සුපිරි පිතිකරණයත් සමඟයි.
එහිදී පන්දු 47කට මුහුණ දුන් ගේල් දැවැන්ත හයේ පහර 04ක් සහ හතරේ පහර 08ක් සමඟ රැස්කළ ලකුණු සංඛ්‍යාව 79ක්.
පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් සර්ෆරාස් ඛාන් නොදැවී ලකුණු 46ක් රැස් කළ අතර මානික් අග්‍රවාල් ලකුණු 22ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.
පන්දු යැවීමේදී බෙන් ස්ටොක් කඩුලු 02 දවා ගත්තා.
ලකුණු 185ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 170ක් පමණයි.
එහිදී ජෝෂ් බට්ලර් ලකුණු 69ක් රැස් කළ අතර සංජු සැම්සන් ලකුණු 30කට දැවී ගියා.
පන්දු යැවීමේදී සෑම් කරන්, මුජිබ් රෙහෙමාන් සහ අන්කිත් රාජ්පුට් අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.
ඒ අනුව පන්ජාබ් පිළට ලකුණු 14ක ජයක් හිමිවුණා.
මෙවර තරඟාවලියේ දී පන්ජාබ් කණ්ඩායම මෙහෙයවන රවිචන්ද්‍රන් අශ්වින් ඊයේ තරඟයේදී රාජස්ථාන් ඉනිමේ තීරණාත්මක කඩුල්ල වූ ජෝෂ් බට්ලර්ගේ කඩුල්ල දවාගත් අතර එම දැවීයාම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වුණා.
අශ්වින් පන්දු යැවීමට සැරසෙන අවස්ථාවේ පන්දු යවන අන්තයේ රැඳී සිටි බට්ලර් සිය සීමාවෙන් ඉදිරයට ගොස් තිබු අතර එහිදී බට්ලර් දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට පන්දු යැවූ අශ්වින් සමත් වුනේ පන්දු යවන අන්තයේ කඩුල්ල බිඳ දමමින්.
බට්ලර් දවා ගැනීම පිළිබඳව කළ ඉල්ලීම ප්‍රධාන විනිසුරුවරයා විසින් තෙවන විනිසුරු වෙත යොමු කළ අතර එහිදී තෙවන විනිසුරු තීරණය කළේ ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙසයි.
එතෙක් වේලාවක් පන්දු 43කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහර 02ක් සමඟ ලකුණු 69ක් රැස් කරගෙන සිටි බට්ලර්ට තමන්ට ලබාදුන් තීරණය පිළිබඳව එතරම් සෑහීමකට පත් නොවන අකාරය එම අවස්ථවේ දක්නට ලැබුණා.
කෙසේ වෙතත් විචාරකයින් පවසා සිටියේ බට්ලර්ගේ දැවී යාම පන්ජාබ් කණ්ඩායමට සිය ජයග්‍රහණයට වැදගත් සාධකයක් වූ බවයි.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.