Gossips

ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගත් 16 හැවිරිදි පාසල් සිසුවිය

මස්කෙළිය, ගුලැනූජි තේ වතුයායේ පදිංචිව සිටි පාසල් සිසුවියක් තම නිවස තුළදී ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවියක් බවයි මස්කෙළිය පොලීසියේ නිලධාරියෙකු අප සමඟ පවසා සිටියේ.
මෙවර (2018) අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා සිටි ඇය පවුලේ එකම දියණියයි.
නිවසේ බාල්කයක මවගේ සාරියක් ආධාරයෙන් ගෙළ වැළලාගෙන ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති අතර පසුව දැරියගේ මව අසල්වාසීන් සමඟ එක්ව දැරිය රෝහල් ගතකරන විටත් ඇය මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දික්ඔය රෝහලේදී සිදුකිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.
මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම සිසුවියගේ පියා ඇය කුඩා කාලයේදීම අතහැර ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.