Gossips

ගෙවුණු සිව් වසර තුළ විල්පත්තු රක්ෂිතයේ බිම් අඟලක් හෝ කිසිවෙකුටත් ලබාදී නොමැති බව ජනපති කියයි

පසුගිය වසර 4 ක කාලය තුළ විල්පත්තු වන රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබාදී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ මහනුවර අද පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.
මේ අතර, විල්පත්තු ගැටලූව සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් ලබාදීමට සූදානම් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීම් සලකා බලමින්.
පසුගිය දින කිහිපයේ සිට යළිත් සමාජ මාධ්‍යය ඔස්සේ විල්පත්තු වන විනාශය පිළිබදව විශාල වශයෙන් සාකච්ඡාව වීමට පටන් ගෙන ඇති අතර, මෙම වන සංහාරකයන්ට දඩුවම් ලබාදීමට කටයුතු කිරීමට රජයට බලකෙරෙන විවිධ ක්‍රියාමාර්ග ගැනීම ද පරිසර සංවිධාන ඇතුලූ සමාජ ක්‍රියාකාරිකයින් විසින් සිදුකරමින් පවතිනවා.
මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය 21 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2015 වසරේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිදුකළ නිරීක්ෂණය කිරීම් වලට අනුව විල්පත්තු අභය භූමියේ අලූතින් වන විනාශයක් සිදුවී නොමැති බවයි.
මේ අතර, විල්පත්තුව සුරකිමු සංවිධානය සහ සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය අද පස්වරුවේ රාජගිරියේදී සම්මන්ත්‍රණයක් පැවැත්වුවා.
ඒ විල්පත්තුව ඇතුළු ජාතික සම්පත් වනසන බදියුර්දීන්ට එරෙහිව ‘‘දස ලක්ෂයක ජනතා පවුර’‘ නමින්.