Gossips

ගෙවුණු පැය කිහිපයේ රිය අනතුරුවලින් 4ක් ජීවිතක්ෂයට

ගෙවුණු පැය කිහිපය තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ හොරොව්පතාන ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක්, ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් බස් රථයේ රියදුරු, එහි ගමන් කළ මගීන් තුන් දෙනෙකු, ටිපර් රථයේ රියදුරු සහ රිය සහයක තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.
වැල්ලවාය ප්‍රදේශයේදී ද ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් 65 හැවිරිදි ත්‍රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වුණා.
ලූණුගල ප්‍රදේශයේදී 52 හැවිරිදි පදික කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණේ මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී ත්‍රිරෝද රථයක ගැටීමෙන්.
පන්නල ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්වුණා.
මේ අතර, සෙවනගල ප්‍රදේශයේදී 22 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණේ ට්‍රැක්ටර් රථයක් ගැටී සිදුවූ අනතුරකින්.