ගෙවල් බිඳීම්, සොරකම්, කප්පම් ගැනීම්වලට සම්බන්ධ මහින්දගේ මන්ත්‍රී අත්අඩංගුවට
විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව කොට්ඨාශයක් ජයග්‍රහණය කළ මන්ත්‍රීවරයෙකු බුත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එස්.ජේ.එම් තිලකරත්න නැමති මෙම මන්ත්‍රීවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ අයෙකි.
ඔහු හමුදා නිල ඇඳුම් ඇඳ හඳපානාගල ප්‍රදේශයේ සිදු කර ඇති ගෙවල් බිඳීම් සහ මුදල් හා රත්රන් බඩු මංකොල්ල කෑමක් සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මංකොල්ලකෑම් සඳහා ඔහු යොදාගත් මහේන්ද්‍රා කැබ් රථයද අත්අඩංගුවට ගෙන ඇති අතර එම රථයේ මේ වනවිටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූප ස්ටිකර් කර තිබේ.
පසුගිය මැතිවරණ සමයේ සිය මැතිවරණ ප්රචාරක කටයුතු සඳහාද මෙම රථය භාවිතා කර ඇත.
මීට අමතරව රුපියල් ලක්ෂ 50ක කප්පම් ඉල්ලීමක් සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.
අත්අඩංගුවට ගත් මෙම මන්ත්‍රීවරයා හෙට (22) වැල්ලවාය මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.