Gossips

ගෙවල් බින්ද සැකකරු බඩුත් එක්ක පොලිස් දැලේ

මඩකලපුව ප්‍රදේශයේ දිර්ඝ කාලයක සිට ගෙවල් බිඳ රන් භාණ්ඩ ඇතුළු උපකරණ සොරකම් කළ සැකකරුවෙකු ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී පවුම් 30ක රන් භාණ්ඩ, රුපවාහිනි යන්ත්‍රයක්, ගෘහස්ථ ගෑස් සිලින්ඩර ඇතුළු උපකරණ රැසක් සොයාගත් බවයි මඩකලපුව පොලිසිය සඳහන් කළේ.
මඩකලපුව ප්‍රදේශයේ නිවාසවල සිදුවූ සොරකම් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට සොයමින් සිටි අදාල සැකකරු මන්ඩුර් ප්‍රදේශයේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මඩකලපුව, කුලාවඩ් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අදාල සැකකරු මඩකලපුව ප්‍රදේශයේ නිවාස 8ක් කාත්තන්කුඩි ප්‍රදේශයේ නිවාස 9ක් බිඳ මෙම භාණ්ඩ සොරකම් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
සොරකම් කළ රන්භාණ්ඩ මධ්‍යම කදවුර, සම්මාන්තුරයි, කල්මුනේ, කලුවාන්චිකුඩි, කිරාන් යන ප්‍රදේශවල ඇති රන්භාණ්ඩ උකස් ගන්නා ස්ථානවල උකස් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.