හෙම්මාතගම, කෙහෙල්පන්නල, උඩගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
66 හැවිරිදි වියේ පසුවූ සිව්දරු පියෙක් අද (23) උදෑසන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අද අලුයම වැසිකිළියට යන බව පවසා නිවසින් පිටතට ගොස් ඇති අදාල පුද්ගලයා සිය නිවස පිටුපස ඇති අඹ ගසක ලණුවක් ආධාරයෙන් මෙලෙස ගෙල වැළලාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කලක සිට පැවති රෝගී තත්වයකින් පීඩා විඳීම හේතුවෙන් ඒ පිළිබඳව කලකිරී මෙලෙස සියදිවි හානිකරගන්නට ඇති බවටයි සැක කරන්නේ.