Gossips

ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි (ඡායාරූප)

මුලතිව්,සෙල්වපුරම් ප්‍රදේශයේ කැළැවක් ආසන්නයේ තිබී ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (23) රාත්‍රියේ සොයාගත් බව මුලතිව් පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ ඊයේ(23) දහවල් සිට අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් අතර, මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර්ගේ ප්‍රධානත්වයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ අද(24) උදැසන සිදුකළ බවයි.
අදාළ පුද්ගලයාගේ යතුරුපැදිය සෙල්වපුරම් ප්‍රදේශයේ රා තැබෑරුමක් අසළ තිබි ඇති අතර,අදාළ යතුරුපැදිය සම්බන්ධයෙන් සොයා බැලීමේදී මළ සිරුර හමුවි ඇති බවද පොලිසිය සදහන් කළා.
පොලිසිය පැවසූවේ වර්ධරාජා සදානිසන් නමැති 28 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි.
මියගිය පුද්ගලයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා දමා ඇති අතර, සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල පවතින බවද මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවද පොලිසිය සඳහන් කළා.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම වෙනුවෙන් සිරුර යාපනය රෝහල වෙත යොමුකොට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

වවුනියාව – මාධව කුලසූරිය