Gossips

ගෙල කපා ඝාතනයට ලක්වූ තරුණයා උදව් ඉල්ලා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඉදිරිපිටට පැමිණි අයුරු දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි

තරුණයකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ පුවතක් ත්‍රිකුණාමල වරාය පොලිස් බල ප්‍රදේශයෙන් පසුගිය 16 වනදා වාර්තා වුණා.
පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
යතුරුපැදියක පසුපස ගමන් කළ පුද්ගලයෙකු විසිනුයි යතුරුපැදිය ධාවනය කළ තරුණයාගේ ගෙලට මෙලෙස පහර එල්ල කර ඇත්තේ.
එම සිදුවීම අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අතර එම අවස්ථාවේදී පහර කෑමට ලක්වූ තරුණයා එම ස්ථානයෙන් පලා යන අයුරු එහි වැඩිදුරටත් සටහන්ව තිබුණා.
අදාල තරුණයා එම ස්ථානයෙන් පලාගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර අසලට පැමිණ ඇති අතර එහිදී හමුදා කඳවුර අසල සිටි ආරක්ෂක නිලධාරීන් ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල මේ දිනවල සැරිසරනවා.
කෙසේ වෙතත් බරපතල තුවාල ලබා සිටි තරුණයා ත්‍රිකුණාමල මහ රෝහලට ඇතුළත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.
බරපතල තුවාල ලබා සිටි තරුණයා හමුදා කඳවුර අසල සිටි ආරක්ෂක නිලධාරීන් රෝහල් ගතකර අයුරු පහතින්.