Gossips

ගෘහ සේවයට ගොස් හිංසනවලට ලක්වූ කාන්තාවන් 52ක් යළි දිවයිනට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ හිංසනවලට ලක්වු ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 52ක් අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
කුවේට් සිට පැමිණි ගුවන් යානයකින් ඔවුන් දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
එම පිරිස අතරින් 6 දෙනෙකු වසර දෙකක සේවා කාලය පසුකර තිබුන ද ඉතිරි සියලුදෙනා වසරකටත් අඩු කාලයක් කුවේට් රාජ්‍යයේ සේවයේ නිරතව සිටි අය බව සඳහන්.
ඔවුන් සියලුදෙනා උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර තම සේවාදායකයන් විසින් වැටුප් නොගෙවීම, පහරදීම, විවිධ හිරිහැරවලට සහ හිංසනවලට ලක්වීම හේතුවෙන් නිවාසවලින් පළාවිත් කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි පිරිසක්.
මෙම කාන්තාවන් අතරින් 8 දෙනෙකු හැරි ඉතිරි 44 දෙනාම කුවේට් රාජ්‍යයෙන් නිකුත් කළ තාවකාලික ගුවන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් දිවයිනට එවා තිබු බව සඳහන්.
ඔවුන්ට තම ගම්බිම් වෙත යාමට ප්‍රවාහන දීමනාවක් ලබාදී පිටත්කර යැවීමට විදේශසේවා නියුක්ති කාර්යාංශය පියවර ගත් බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.