Gossips

ගෘහස්ත විදුලි උපකරණවල මිල ඉහළට ?

ගෘහස්ත විදුලි උපකරණවල මිල ගණන් සියයට විස්සකින් පමණ ඉහළ යනු ඇති බව කොළඹ විදුලි උපකරණ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ, පසුගියදා මුදල් අමාත්‍යාංශය පනවනු ලැබූ නව කොන්දේසි හේතුවෙන් බවයි එම සංගමය සඳහන් කළේ.
මේ වනවිටත් වෙළඳපොලේ පවතින ගෘහ උපකරණ වෙළඳාමේ යම් පසුබෑමක් දක්නට ලැබෙන අතර, ඉදිරියේදී ආනයනය කරනු ලබන නව භාණ්ඩවල මිල ගණන් මේ අනුව ඉහළ යනු ඇති බවයි එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.