තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ සියලු සාමාජිකයින් සහ පුහුණුකරු මීට ටික වෙලාවකට පෙර මුදාගන්නට බේරාගැනීමේ කිමිඳුම් කණ්ඩායම් සමත්වුණා.
සති දෙකක් පුරා ක්‍රියාත්මක වූ බේරාගැනීමේ මෙහෙයුම් නිමා වුනේ දරුවන් සියලුදෙනා සහ පුහුණුකරුට කිසිදු උපද්‍රවයකින් තොරව බේරාගනිමින්.
කෙසේවෙතත් මේ මෙහෙයුම් අතරතුර ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ තායිලන්ත කිමිඳුම්කරුවකු මිය ගියා.
'Tham Luang' ලෙන් සංකීර්ණයේ සිදු කෙරෙන බේරා ගැනීමේ මෙහෙයුම ජාත්‍යන්තර අවධානයට ලක්වු අතර ජාත්‍යන්තරයේ නමක් දිනා ඇති ඉහල සුදුසුකම් ලත් විශිෂ්ඨ ගනයේ කිමිඳුම් කරුවන් 50 දෙනකු පමණ මෙම බේරාගැනීමේ මෙහෙයුම් සදහා එක්වුණා.
පසුගිය ජුනි 23 වෙනිදා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හමුවේ හටගත් ගංවතුරත් සමග ළමුන් සහ ඔවුන්ගේ පුහුණුකරු ලෙන් සංකීර්ණය තුළ සිරවිය.
