රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් හෙරොයින් අඩංගු පාර්සලයක් ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට මිනුවන්ගොඩ පදිංචිකරුවෙකු වෙත ඇඳුම් කට්ටලයක් තුළ සඟවා මෙම හෙරොයින් පාර්සලය ඒවා ඇති බව සඳහන්.
එය ගුවන් තොටුපළ රේගුවේ ගුවන් තැපැල් පාර්සල් අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, සිදුකළ මූලික පරීක්ෂණවලින් අනතුරුව වයස අවුරුදු 45ක් සහ 26ක් වන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවයි රේගුව ප්‍රකාශ කළේ.
මේ අතර, රුපියල් 27 ලක්ෂ 65,000ක් වටිනා විදේශ මුදල් තොගයක් සමඟ සැකකරුවෙකු ගුවන් තොටුපළ රේගුව මගින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඇමරිකානු ඩොලර්, යුරෝ සහ ස්ටර්ලින් පවුම්වලින් සමන්විත මෙම විදේශ මුදල් තොගය සිංගප්පූරුව බලා රැගෙන යාමට තැත් කළ 58 හැවිරිදි සැකකරු විදේශ මුදල් තොගය රාජ සන්තක කිරීමෙන් පසු මුදා හැර තිබෙනවා.
