Gossips

ගුවනින් ආ මත්කුඩු ගැන විමර්ශන ඇරඹේ

ගුවන්තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ මිලියන 3ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 227 ක පාර්සලය ගෙන්වීමේ ක්‍රියාවලියට වැලිකඩ බන්ධනාගාර රැඳවියෙකුගේ සෘජු සම්බන්ධතාවයක් ඇති බවට කරුණු අනාවරණ වී තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න කියා සිටියේ අදාළ සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මේ බව හෙළි වී ඇති අතර, සිද්ධියට අදාළව සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට මිනුවන්ගොඩ පදිංචිකරුවෙකු වෙත ඇඳුම් කට්ටලයක් තුළ සඟවා මෙම හෙරොයින් පාර්සලය එවා තිබුණා.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 26,30 සහ 45 වියේ පසුවන්නන් වන අතර ඔවුන් වේයන්ගොඩ සහ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අදාළ සැකකරුවන් කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
එමෙන්ම ගුවනින් මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළා.