Gossips

ගුවන් සේවයේ අයිතිය තිබිය යුත්තේ රජයටයි – හිටපු ආරක්ෂක ලේකම්

රටක ගුවන් සේවය රජය සතුව පැවතිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මාතර – කඹුරුපිටිය ප්‍රදේශයේ අද (14) පැවති ආගමික උත්සවයකින් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලීකරණයට වර්තමාන රජය උත්සාහ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණයට අදාළ කැබිනට් පත්‍රිකාවක් නුදුරේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.
ගුවන් සේවයේ සියයට 49 ක කළමනාකාරීත්ව කොටස මෙලෙස පෞද්ගලීකරණය කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව ඉදිරියේදී ටෙන්ඩර් කැඳවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාර්ශවකරුවන් තීරණය කරනු ඇති.