Gossips

ගුවන් යානයෙන් වැටුණු කලිසම් දෙකක් අවාසනාවන්ත ලෙස තිදෙනෙකුට මරු කැඳවූ හැටි මෙන්න (ඡායාරූප සහිතයි)

තිදෙනෙකුට මරු කැඳවු නවසීලන්ත හෙලිකොප්ටර් අනතුර සිදුව ඇති ආකාරය පිළිබඳව තොරතුරු කිහිපයක් මේ වනවිට අදාළ විමර්ශන කණ්ඩායම් අනාවරණ කරගෙන තිබෙනවා.
අදාළ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ මෙය සිදුව ඇත්තේ කලිසම් දෙකක් ගුවන් යානයේ පසුපස තටුවේ පැටලීමෙන් බවයි.
එහිදී එම කලිසම් යානයේ පසුපස ඇති තටුවල එතීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි අදාළ පර්යේෂණ කණ්ඩායම් සැකපලකරන්නේ.
මේ අතර එරට ගුවන් යානා බලධාරීන් විසින් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ අනතුරක් සිදුවිය හැකි ද්‍රව්‍ය හෙලිකොප්ටර් යානය වෙත පැමිණි ආකාරය පිළිබඳව සොයාගැනීමටයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී නවසීලන්තයේ Wanaka හිදී එම යානය අනතුරට ලක්වූවා.
අනතුරින් එම යානයේ ගමන්කළ තිදෙනාම මියගියා.