Gossips

ගුවන් යානයක් තුළ දී ශ්‍රී ලාංකික මගියෙකු හෘදයාබාධයකින් මිය යයි

කුවේටයේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබූ ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියෙකු එම ගුවන් යානය තුළ දී අද අලූයම හදිසියේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔහු ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු වන අතර, හදිසියේ වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
59 හැවිරිදි මිය ගිය පුද්ගලයා විජිතපුර – පළුගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු රියදුරු රැකියාව සඳහා මීට වසර කිහිපයකට පෙර කුවේට් රාජ්‍යය බලා පිටත් වූ අයෙකු බව ද සඳහන් වනවා.