ශ්‍රී ලංකාව බළා පැමිණෙමින් සිටි කාන්තාවක් ගුවන් යානය තුලදීම මිය ගොස් ඇතිබව පොලිසිය පවසනවා.
අද (11) අලුයම සෞදි අරාබියේ ජෙඩා නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තුළදීයි මේ කාන්තාව මිය ගොස් ඇත්තේ.
මිය ගිය කාන්තාව මැලේසියානු ජාතික කාන්තාවක් බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.
කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් ඇයගේ සිරුර මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
