Gossips

ගුවන් යානයක් තාප්පයක ගැටේ – මගීන්ට අනතුරක් නැහැ

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ටි‍්‍රචී ගුවන්තොටුපලෙන් ඩුබායි බලා නික්මුණු ඉන්දීය ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකට ගුවන්තොටුපලේ තාප්පයක ගැටීම හේතුවෙන් හානි සිදුව තිබෙනවා.
යානය ගුවනට නැංවීමේදී ධාවන පථයෙන් පිටතට ගොස් එහි රෝද තාප්පයේ ඉහළ කෙරවළ ගැටී ඇති අතර එය මුම්බායි ගුවන්තොටුපල වෙත ආරක්ෂිත ලෙස රැගෙන යාමට යානයේ නියමුවන් සමත් වූ බව සඳහන්.
කෙසේ නමුත්, යානයට හානි සිදුවී ඇති බව නිරීක්ෂණය කිරීමෙන් පසු එය සිටි මගීන් 136 දෙනා ඩුබායි දක්වා රැගෙන ගොස් ඇත්තේ වෙනත් යානයකින්.