Gossips

ගුවන් යානයක් කඩාවැටී 15 ක් මරුට

ඉරාන ගුවන් හමුදාවට අයත් ප්‍රවාහන ගුවන් යානයක් ටෙහෙරාන් අගනුවරට බටහිර දෙසින් වූ ප්‍රදේශයකදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
බෝයිං 707 වර්ගයේ එම ගුවන් යානයේ සිටි ගුවන් ඉංජිනේරුවා දිවි ගලවාගෙන ඇති අතර, ඔහු රෝහල් ගත කළ බව ඉරාන ප්‍රවෘත්ති සේවාවක් සඳහන් කළා.
කිර්ගිස්ථානයේ සිට මස් රැගෙන ආ ගුවන් යානයක් අද මෙලෙස අනතුරට ලක්වී ඇති අතර, ගොඩ බැස්සවීමේදී ධාවන පථයෙන් ඉවතට විසි වූ ගුවන් යානය තාප්පයක ගැටී ගිනි ගැනීමට ලක්වූ බව සඳහන්.