Gossips

ගුවන් යානයක් කඩාවැටීමෙන් 100කට අධික පිරිසක් මරුට

කියුබාවේ හවානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේදී ගුවන් යානයක් කඩාවැටීමෙන් මගීන් 100 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Boeing 737 වර්ගයේ ගුවන් යානයක් බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 104 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකු සිට ඇති බවටයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙක්සිකෝවෙන් කුලියට ගත් මෙම මගී ගුවන් යානය අභ්‍යන්තර ගුවන් ගමනක නිරත වන විට මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් පසුව බරපතල තත්වයේ පසුවූ තිදෙනෙකු කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර බලධාරීන් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.