ගුවන් යානයකදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෝහා කටාර් සිට පැමිණි ගුවන් යානයක සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.
මොහු අලූත්කඬේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
