Gossips

ගුවන් යානයකදී නොමනා ලෙස හැසිරුණ පුද්ගලයා අත්අඩංගුවට (ඡායාරූප)

ගුවන් යානයක ගමන්කරමින් සිටි පුද්ගලයෙකු අසභ්‍ය ලෙස හැසිරෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම සිදුවී ඇත්තේ මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයකදීයි.
එහිදී එක්වරම ගුවන් මගියෙකු සිය ඇඳුම් උනා දමා නිරුවත්වී තිබෙනවා.
පසුව ඔහු සිය ලැප්ටොප් පරිඝනකය ගෙන එහි අසභ්‍ය චිත්‍රපටයක් බැලීම ආරම්භ කළ බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
එම අවස්ථාවේ ඔහු විසින් ස්වයංවින්දනයේ යෙදෙමින් අනෙකුත් මගීන් මහත් අපහසුතාවයට පත්වන ලෙස හැසිරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
පසුව ගුවන්යානයේ කාර්ය මණ්ඩලය පැමිණ අදාළ පුද්ගලයාට අවවාද කර ඇත්තේ යළි ඇඳුම් ඇඳගන්නා ලෙසයි.
කෙසේ වෙතත් පසුව එම පුද්ගලයා එක්වරම ගුවන්යානයේ වැසිකිලිය වෙත ගොස් ඇති අතර එම අවස්ථාවේ කාර්යමණ්ඩලයේ තරුණියක් සිපගැනීමට උත්සහ කර තිබෙනවා.
එය ව්‍යර්ථ කිරීමට උත්සහ කිරීමත් සමඟ මෙම සැකකරු විසින් කාර්යමණ්ඩලයේ තරුණියට පහරදී තිබෙනවා.
එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ කාර්යමණ්ඩලයේ සෙසු සාමාජිකයන් එක්ව සැකකාර පුදගලයා අල්ලාගැනීමට සමත්ව තිබෙනවා.
පසුව ඔහුගේ දෙඅත් පසුපසට කර බැඳ දමා ක්වාලාලම්පූර් දක්වා රැගෙනවිත් තිබෙනවා.
පරීක්ෂණ වලදී අනාවරණ ඇත්තේ සැකකාර තරුණයා 20 හැවිරිදි බංගලාදේශ ජාතිකයෙකු බවයි.
ඔහු මැලේසියාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරණ බවද මේ වනවිට හෙළිවී තිබෙනවා.
බලධාරීන් විසින් මේ වනවිට සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භකර ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.