තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම අණදෙන නිලධාරියෙකු වන මුල්ලා අබ්දුල් මනාන් ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ – දකුණු හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා මෙන්ම හමුදා ප්‍රධානියාද වන මොහු නව්සාඩ් ප්‍රදේශයේදී මියගොස් ඇත්තේ පසුගිය සෙනසුරාදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්.
මෙම ඝාතනය තම සංවිධානයට විශාල පාඩුවක් බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ නමුත් ඇෆ්ගනිස්ථානය යළි සියතට ගැනීම සඳහා අඛන්ඩව මෙහෙයුම් සිදුකරන බවයි එම සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.
