Gossips

ගුවන් නියමුවාගේ ඇස් දෙක වැසී ගොස් යානය අන්තිමට නතරවූ තැන

ගුවන් නියමුවාට නින්ද යාම හේතුවෙන් සිදුවන්න ගිය විශාල අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
මෙය සිදුව ඇත්තේ ඩෙවන්පොර්ට් සිට තස්මෙනියාවේ කිං දූපත දක්වා පියාසර කරමින් සිටියදීයි.
එහිදී අදාළ ගුවන් යානය ගොඩබෑමට නියමිතව තිබූ කිං දූපත පසුකර කිලෝමීටර් 46 ක පමණ දුරක් ගමන්කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
එම අවස්ථාවේ ගුවන් යානය භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ යානයක් බවත් එහි යානයේ නියමුවා පමණක් සිටි බවත් එම වාර්තාවල සඳහන්.
මේ අතර මීට පෙර අවස්ථාවකදී කිං දූපත දක්වා පියාසර කළ ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් 5 දෙනෙකුට දිවි අහිමි වූවා.
එසේම මෙලෙස නින්ද ගොස් ඇති නියමුවා යළි නින්දෙන් අවදි වූයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත සඳහනක් නොමැති වීමත් විශේෂත්වයක්.
ඕස්ට්‍රේලියාවේ ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් එරට ගුවන් කටයුතු පිළිබඳ විශේෂඥ නීල් හන්ස්ෆොර්ඩ් අදාළ සිදුවීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර ඇත්තේ තෙහෙට්ටුවට පත් අයෙක් ගුවන් යානයක් පැදවීමට මේ ලෝකේ කිසිම හැකියාවක් නොමැති බවයි.


පසුගිය කාළය තුළ ගුවන් අනතුරු රැසක් පිළිබඳව තොරතුරු වාර්තා වූ අතර ඊට ආසන්නතම සිදුවීම වන්නේ ඉන්දුනීසියානු ගුවන් අනතුරයි.