Gossips

ගුවන් තොටුපළ – කොටුව ඇතුළු කටුනායක බස් රථ වර්ජනයක් අරඹයි

මාර්ග අංක 187 – ගුවන් තොටුපළ – කොටුව ඇතුළු කටුනායක – ඇවරිවත්තෙන් ගමන් ආරම්භ කරන සියළු සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ සේවකයින් අද පෙරවරුවේ සිට වර්ජනයක නිරත වනවා.
සේවක ආරවුලක් දුරදිග ගොස් සිදුවූ පහරදීමකට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ඊයේ පස්වරුවේ ඇවරිවත්ත බස් නැවතුම්පොළේදී අදාල පහරදීම සිදුවී ඇති අතර, එහිදී තුවාල ලැබූ ගුවන් තොටුපළ – කොටුව බස් රථයක සේවකයෙකු මීගමුව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.