Gossips

ගුවන් තොටුපල සේවකයන්ගේ වර්ජනය අවසන්

බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු ගුවන් තොටුපල සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
එහිදී තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවයි ගුවන් තොටුපල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් දිනේෂ් නන්දික පෙරේරා සඳහන් කළේ.
අද (03) උදෑසන පැවති සාකච්ඡා අසාර්ථකවීම නිසා කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර, සේවකයන් ප්‍රවේශ මාර්ගයද අවහිර කර තිබුණා.