Gossips

ගුවන් ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරලෙයි

ගුවන් ගමන් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීම අද සිදු වුනා.
ඒ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට ලන්ඩන් දක්වා පළමු වරට නොනවත්වා ඍජු ගුවන් ගමනක් සිදුවීමයි.
පළමු වරට සිදුවන මෙම ගුවන් ගමනට ගතවන කාලය පැය 17 ක්.
පර්ත් නුවරින් පිටත් වූ ගුවන්යානය කිලෝමීටර් 14498 ක දුරක් ගෙවා එය ලන්ඩන් නුවරට ළගාවු බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.
Boeing වර්ගයේ යානයක් මෙම ගමනට යොදාගෙන තිබෙනවා.
මගීන් 200 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 16 ක් සමග යානය ලන්ඩන් බලා පිටත්වූයේ ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් සවස 6.49 ටයි.
මෙවැනි දීර්ඝ ගමන්වලදී යානය තුල ඇතිවන අපහසුතා අවම කිරීමට ද වැඩපිලිවෙලක් යානය තුල සකස්කර ඇති බවයි විදෙස් පුවත් සේවා කියාසිටියේ.
මෙම ඍජු ගුවන් සේවය ආරම්භයත් සමග සංචාරකයන් වැඩි වශයෙන් රටට පැමිණෙනු ඇති බවටයි ඔස්ට්‍රේලියාවේ අපේක්ෂාව වන්නේ.
මෙම ගුවන් ගමන ලොව දෙවන දීර්ඝතම ගුවන් ගමන ලෙසට ඉතිහාසයට එක්වනවා.
මීට පෙර කටාර් ගුවන් සේවයේ යානයක් දෝහා සිට ඔක්ලන්ඩ් දක්වා කිලෝමීටර් 14529 ක දීර්ඝ ගුවන් ගමනක මීට පෙර නිරතවී තිබෙනවා.