Gossips

ගුවන් අනතුරකින් 9 දෙනෙකු ජීිවිතක්ෂයට

ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
සැවානා වෙරළාශ්‍රිත මාර්ගයකට කඩාවැටුණු මෙම යානය පෝට්රිකෝ රාජ්‍යයේ ජාතික ආරක්ෂක සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකු සහ මගීන් හතරදෙනෙකු ගමන් කර තිබෙනවා.