Gossips

ගුවන්තොටුපළ රේගුවෙන් විශේෂ උපදෙසක්

විදේශ රටවලින් ශාක වර්ග, සතුන්, මස්, මාංශ මෙන්ම පළතුරු කටුනායක ගුවන් තොටුපල හරහා මෙරටට ගෙන රැගෙන ඒමේදී , ඒවා මිලදී ගත් රට වලින් ඒවා පිළිබඳව ලබා ගත් නීරෝධායන සහතිකය අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
නීරෝධායන සහතික නොමැතිව රැගෙන එන සියලුම ද්‍රව්‍යයන් අත් අඩංගුවට ගෙන , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත නීරෝධායන නිලධාරීන් වෙත යොමු කරන බවත් පසුව ඒවා විනාශ කිරීමට කටයුතු කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න කියා සිටියේ.
ශ්‍රී ලාංකික ජනතාව විදේශීය විෂබීජ , ලෙඩ රෝග සහ ශ්‍රී ලාංකික වගාවන් විදේශීය දිළීර වර්ග වලින් බේරා ගැනීම සදහා ආරක්ෂිත පියවරක් ලෙස මේ තීරණය ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ
බටහිර රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව , නවසීලන්තය වැනි රටවල් ද මෙම නීති මේවන විට අකුරටම ක්‍රියාත්මක කරන බවත් , වැරදීමකින් අප රැගෙන යන පාවහන් යුගලක අප රටේ මඩ පොදක් රැදී තිබුණහොත් එයට ද එරට රේගු නිලධාරීන් තදින් නීතිය ක්‍රියාත්මක කර දඩ මුදල් පවා නියම කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.