Gossips

ගුවන්තොටුපල ගින්නේ අලාභය ?

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තීරු බදු රහිත අලෙවි සැලකට අයත් ගබඩාවක අද (09) අලුයම හට ගත් ගින්නෙන් එහි තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් විදුලි උපකරණ විනාශ වී ඇති බව පොලීසිය පවසනවා.
අලුයම 4 ට පමණ මෙම ගින්න හට ගැනීමත් සමඟ ප්‍රදේශය පුරා දුමාරයක් පැතිර ගිය අතර, ගුවන්තොටුපලේ සහ ගුවන් හමුදාවේ ගිනි නිවන රථ යොදා ගනිමින් ගින්න කඩිනමින් මැඩපැවැත්වූ බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු ප්‍රකාශ කළේ.
විදුලි උපකරණ අලෙවි කරන අලෙවිසැලකට අයත් ගබඩාවක මෙම ගින්න හට ගෙන ඇති අතර බැකෝ යන්ත්‍රයක් යොදවා එම ගබඩාවේ පැති බිත්තිය කඩා එය නිවා දැමීමටයි ගුවන්තොටුපල බලධාරින් පියවර ගත්තේ.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, කටුනායක ගුවන්තොටුපල පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.