Gossips

ගුරු හිඟයක් ඇති නොවීමට වග බලා ගන්නා බව අගමැති කියයි

ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් උගන්වන ගුරුවරුන්ගේ හිඟයක් ඉදිරියේදී ඇති නොවීමට වග බලා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල – කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සරය සහ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.