Gossips

ගුරු සේවයේ උසස්වීම් ක්‍රියාත්මක නොකිරීම ගැන අධ්‍යාපන ඇමතිට ලිපියක්

ශ්‍රී ලංකා ගුරු සේවයේ වාර්ෂික උසස්වීම් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට ලිපියක් යොමු කර තිබෙනවා.
එහිදී ඔවුන් කරුණු 07ක් යටතේ ගැටළුව ඉදිරිපත් කර ඇති අතර, ශ්‍රී ලංකා ගුරු සේවාවේ පවතින ගැටළු කඩිනමින් විසදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙසයි එමගින් දක්වා ඇත්තේ.
එමෙන්ම ඊට අදාළ වැටුප් තල ලබාදීමට ගුරුවරුන්ට ඉඩකඩ සලසා දෙන ලෙස ද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහගේ අත්සනින් යුතුව යොමු කළ ලිපියේ සඳහන්.