Gossips

ගුරු සංගමයක් විභාග දීමනා වැඩි කරන ලෙස ඉල්ලයි

විභාග රාජකාරී සඳහා ගෙවනු ලබන සියලූ දීමනා ඉහළ දැමීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරනවා.
විභාග කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය ඉල්ලා සිටින්නේ ජීවන වියදම සහ වෘත්තීය වැදගත්කම පිළිබද සලකා බලා අදාළ දීමනා වහා ඉහළ දමන ලෙසයි.
එසේම පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා සහභාගි වූ ගුරුවරුන්ට සහ නිලධාරීන්ට ගෙවිය යුතු දීමනා මේ දක්වා ගෙවා නොමැති බව ද ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයා වෙත යැවූ ලිපියේ සඳහන්.