Gossips

ගුරු විදුහල්පතිවරු අද ලෙඩවෙයි

දේශපාලන පලිගැනීම් මුවාවෙන් අධ්‍යාපන සේවාවන්ට සිදුකරන පත්වීම් නතර කරන ලෙස ඉල්ලා සැලසුම් කල පරිදි අද (04) දිනයේ අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.
මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින්ගේ සංගමය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ සංගමය, ලංකා ගුරු සංගමය සහ ලංකා ගුරුසේවා සංගමය ඇතුලු සංගම් 11ක් එක්වයි.
අග්‍රාමාත්‍යවරයා සමඟ පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදි ගුරු සංගම් කිහිපයක් ඊයේ (03) සාකච්ඡා පැවත්වුවද එය අසාර්ථක වුයේ අදාල ගැටලුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන්.
ඒ අනුව සැලසුම් කල පරිදි අද (04) දිනයේ වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ.
කෙසේ වෙතත් වෘත්තිය සමිති කුමන ප්‍රකාශ සිදුකලද යුක්තිගරුක විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අද (04) දිනයේදි සේවයට වාර්තා කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.