Gossips

ගුරු – විදුහල්පතිවරුන්, යළිත් ලෙඩ වෙයි

ගුරු හා විදුහල්පති සේවාවල පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මැයි මස 9 සහ 10 යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට ගුරු හා විදුහල්පති සංගම් තීරණය කර තිබෙනවා.
වැටුප් විෂමතා ගැටළුවක් මුල් කර ගනිමින් ගුරු – විදුහල්පතිවරුන් පසුගිය 13 වනදා ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූ අතර කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට රජය මෙතෙක් ප්‍රතිචාර නොදැක්වීමට එරෙහිව මෙම තීරණය ගෙන ඇති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.