තිස්සමහාරාම – රන්මිණිතැන්න කනිෂ්ඨ විද්‍යාලයේ පවතින ගුරු පුරප්පාඩු කඩිනමින් සපුරන ලෙස ඉල්ලා දෙමව්පියන් පිරිසක් අද තිස්සමහාරාම – කතරගම ප්‍රධාන මාර්ගය බෝගහපැලැස්ස විහාරස්ථානය අසලින් අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා.
ගණිතය සහ සෞන්දර්ය විෂයන් සදහා විද්‍යාලයේ පවතින ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන ලෙසයි විරෝධතාවයේ නිරත දෙමව්පියන් ඉල්ලා සිටියේ.
