Gossips

ගුරුවරු දෙදෙනෙකු අතර ගැටුමකින් එක් අයෙකු රෝහලේ

මාතලේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පාසලක ගුරුවරුන් දෙදෙනෙකු අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකින් අනතුරුව කැපුම් තුවාල ලැබූ එක් ගුරුවරයෙකු විල්ගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඊයේ (18) දහවල් මේ පහරදීම සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඔවුන් දෙදෙනා එම පාසලේ උසස් පෙළ පන්ති වල ඉගෙනුම් කටයුතු වල නිරත ගුරුවරුන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.
පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ගැටුම හට ගෙන ඇති අතර ගැටුමට සම්බන්ධ එක් ගුරුවරයෙකු පාසලේ විනයභාර ගුරුවරයෙකු බවයි අප වාර්තාකරු සදහන් කළේ.