පොළොන්නරුව අභයපුර මහා විද්‍යාලයේ දෙමව්පියන් පිරිසක් පොළොන්නරුව – සෝමාවතිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (23) උදෑසන විරෝධතාවයක නිරත වුණා.
ඒ එම විද්‍යාලයට පුරප්පාඩුව පවතින සිංහල, දමිල සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමින්.
විරෝධතාවය හේතුවෙන් පොළොන්නරුව – සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 03ක පමණ කාලයක් අවහිරව පැවති බවයි අප වාර්තාකරු පැවසුවේ.
