Gossips

ගුරුවරු ඉල්ලා ඇල්පිටියේ විරෝධතාවක්

ඇල්පිටිය – ඉගලතලාව කණිෂ්ඨ විද්‍යාලයේ පළමුවන ශ්‍රේණිය ඇතුළු ශ්‍රේණි කිහිපයක් සඳහා ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමට ගුරුවරුන් නොමැති බව පවසමින් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් අද පෙරවරුවේ ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
එහිදී සිසුන්ගේ දෙමාපියන් කියා සිටියේ බලධාරීන්ට මේ පිළිබඳව කොතෙකුත් දැනුම් දුන්න ද මෙතෙක් ඊට විසදුම් ලැබී නොමැති බවයි.
අප මේ පිළිබඳව ඇල්පිටිය කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සම්පත් ජයසේනගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ පළමු ශ්‍රේණියට නව ගුරුවරියක් මේ වනවිට අනුයුක්ත කර ඇති නමුත්, ඇගේ සැමියා හදිසි අනතුරකට ලක්වීම නිසා අද දිනයේ සේවයට වාර්තාකර නොමැති බවයි.
කෙසේ නමුත්, හෙට සිට එම ගුරුවරිය සේවයට වාර්තා කරන බවට ඇය මෙතෙක් ඉගැන්වීම් සිදුකළ විද්‍යාලයේ විදුහල්පතිනිය තමන් වෙත දැනුම් දී ඇති බව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කියා සිටියා.